Loading...

ජාතික ලැයිස්තුව නිසා ගෑස් සිලින්ඩරේ අර්බුදයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම පිළිබඳව අවසන් තීරණය හෙට (18) ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පක්ෂ මහලේකම්වරිය ගත් මෙම තීරණය පිළිබඳව පක්ෂයේ කිසිවෙක් නොදැනුවත්ව සිටි බවයි ඒ මහතා කියා සිටියේ.

එජාප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුර දෙක සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තලතා අතුකෝරල මහත්මිය සහ පොදුජන පෙරමුණෙන් කංචන විජේසේකර මහතා පත් කිරීමට යෝජනා කර ඇති බවයි.

“ප්‍රධාන වශයෙන් ඒ කාරණය ගැන අද එක්සත් ජාතික පක්ෂයේ අපේ සාකච්ඡාවේදී පැන නැගුණා. මේ පිළිබඳ අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අනෙකුත් දේශපාලන පක්ෂ සාකච්ඡා කරමින් තිබුණා. ඒ සාකච්ඡා කරමින් තිබෙන අතරතුරේදී එක්සත් ජාතික පක්ෂය නොදැනුවත්ව එතුමාගේ නම සිලින්ඩරේ හිමි දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් කළා කියලා දැනගන්නට ලැබිලා තියෙනවා.

එතකොට ඒක ගැසට් නිවේදනයට යැව්වායි කියලා අපිට දැනගන්නට ලැබිලා තියෙනවා. පක්ෂය හැටියට අපි කල්පනා කලේ මේ නියෝජනයට එක්කෝ තලතා අතුකෝරල මැතිනිය යවන්න. ඒ පිළිබඳ සාකච්ඡා කරමින් තිබුණේ. ඒ ගැන නිසි තීරණයක් ගැනීමට ප්‍රථම මෙවැනි කාරණයක් සිදුවෙලා තියෙනවා. ඒක එක්සත් ජාතික පක්ෂය හැටියට ගත්තොත් අපේ පක්ෂ ව්‍යවස්ථාවේ 3/3 වගන්තියේ සහ 3/4 වගන්තියේ සහ 9/7 වගන්තියේ සහ 13/7 සහ 13/8 වගන්ති උල්ලංඝනය වීමකුයි සිදුවෙලා තියෙන්නේ.

ඒ නිසා මේ ප්‍රශ්නය පිළිබඳව අපි කණ්ඩායමක් විදිහට එකට ක්‍රියාකරලා තියෙන නිසා හෙට උදේ 10.00ට අනෙක් දේශපාලන පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මේ පත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිවක් දැන නොසිටි බව ප්‍රකාශ කරන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ යෝජනාව සාකච්ඡා වෙමින් තිබුනේ තලතා අතුකෝරල මැතිනිය පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලායි.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *