Loading...

අ.පො.ස. සාමාන්‍ය පෙළ හෙටින් ඇරඹේ

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගය හෙට (06) සිට ආරම්භ වනවා.

විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ ලබන 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527කදී පැවැත්වීමට සියළු කටයුතු යොදවා ඇති බවයි.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 3,87,648 හා පුද්ගලික අයදුම්කරුවන් 65,331ක් වශයෙන් අයදුම්කරුවන් 4,52,979ක් පෙනී සිටින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව විභාග ප්‍රශ්ණ පත්‍ර පැකට් නිකුත් කිරීම හා උත්තර පත්‍ර බාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *