නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදහස් සහ යෝජනා ලබාදීමට තවදුරටත් අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (29) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනට එක්වෙමින්.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පුර්ණයෙන් සකස් කර අවසන් නැති බවත් සංවාද අදහස් යෝජනා සහ භාවිතයේ ඇති ගැටළු හඳුනා ගනිමින් පියවරෙන් පියවර නම්‍යශිලීව සිදුකරන ක්‍රියාවලියක් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
“පවතින අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයි කියලා සියලුදෙනා පිළිගන්නවා. ඒ වෙනස විෂය මාලාවේ පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ මේ වෙනස සිදුවිය යුතුයි. ඒ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ප්‍රධාන කුලුනු 5ක් මත සිදු කරන්න කටයුතු කරන්නේ ඒ අනුවයි.
2026 අපි සිදු කරන්නේ 1 වසර සහ 6 වසර සඳහා පමණයි. විභාගයෙන් පසු දරුවන්ට ඉගෙන ගත්ත දේ අමතකයි. එහෙම අධ්‍යාපනයක් රටකට වැදගත් නෑ. ඒ නිසයි නව ඇගයීම් සහ තක්සේරුකරණය හඳුන්වා දෙන්න කටයුතු කරන්නේ.
පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වනවිට ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. ඒ වගේම එක් එක් වෘත්තීය විෂයන් හඳුනාගෙන ඒ විෂයන් පාසල් විෂය මාලාවට ඇතළත් කරනවා. වෘත්තීය අධ්‍යාපනයට සාමාජීය වටිනාකමක් මේ මගින් ඇති වෙනවා.”








Leave a Reply