Loading...

මුහුදු බඩ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ඊයේ (19) රාත්‍රී 7.15 පමණ ධාවන වූ සීඝ්‍රගාමී දුම්රිය කොටුව හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ග දෙකම අවහිර වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් සිටින බවයි.

මෙම දුම්රිය පීලිපැනීම හේතුවෙන් ඊයේ (19) රාත්‍රී ගාල්ල තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 4ක් අවලංගු කර තිබෙනවා.

කොළඹ දක්වා ධාවන වන දුම්රියන් අද (20) උදෑසන මහලේකම් කාර්යාලය දක්වා පමණක් ධාවනය වන අතර කොළඹ සිට ධාවන වන දුම්රියන් ප්‍රමාද වී දුම්රිය ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *