මේ වන විට පවතින 18%ක වැට් බදු අනුපාතය ලබන අප්‍රේල් මස සිට 3%කින් අඩු කෙරෙනු ඇති බව වාර්තා වනවා.
ඉහළ පෙළේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉදිරි කාලයේ දී වැට් බදු අනුපාතය 15%කින් මට්ටමේ පවත්වා ගැනීමට රජය තීරණය කර ඇති බවයි.
පසුගිය සමයේ දී 12%ක්ව තිබූ වැට් බදු අනුපාතය 18%ක් දක්වා ඉහළ දමනු ලැබුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුවයි.
කෙසේ නමුත් මෙලෙස වැට් බදු අනුපාතය 3%කින් පහළ දමන ලැබුවහොත් වාර්ෂික වැට් බදු ආදායම රුපියල් බිලියන 300කින් පමණ පහත වැටෙනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
Leave a Reply