Loading...

ජුලියන් ආසන්ජ්ට නිදහස


රහස්‍ය තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ආසන්ජ් වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකාව සමඟ ඇති කරගත් ගිවිසුමක් පිළිබඳව ඇති වූ එකඟතාවයකින් පසුව ඔහුට එල්ල වී තිබූ චෝදනා පිළිබඳව මෙම නිදහස හිමිව ඇති බවයි.

විකිලීස් වෙඩ් අඩවිය ඔස්සේ අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ හට චෝදනා 18ක් ගොනු කර තිබුණා.

2019 වසරේ අප්‍රේල් 11 වනදා ජුලියන් ආසන්ජ් අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ අධිආරක්‍ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරය වෙත යවනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *