දියතලාව FOXHILL සුපර්ක්‍රොස් තරඟාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත් වූ සියළුම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කේ.ඒ.එන් රසික කුමාර මහතා මේ බව සඳහන් කරනවා.
වසර 5ක නිහඬතාවයකින් පසුව ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය එක්ව 28 වන වරටත් සංවිධානය කළ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරඟාවලිය මෙවර පැවැත්වුණා.
තරඟාවලියේ තරඟ ඉසව් 24ක් අතරින් 14 වැනි තරඟය ලෙස පැවැත්වුණු 1500cc Ford Laser Mazda කාණ්ඩය යටතේ පැවැත්වුණු තරඟය අතරතුරයි මෙම අනතුර ඊයේ (21) සිදු වුණා.
මේ අතර FOXHILL සුපර්ක්‍රොස් තරඟාවලිය අතරතුර ඊයේ (21) සිදුවූ අනතුරෙන් පසුව රාත්‍රී කාලයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ DJ සංගීත රාත්‍රීය එලෙස පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
වැඩසටහන් සංවිධායකයින් පවසන්නේ මෙම DJ සංගීත රාත්‍රිය පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබූ හෙයින් එය අවලංගු කළ නොහැකි තත්ත්වයක පැවැති බවයි.
කෙසේ වෙතත් FOXHILL සුපර්ක්‍රොස් තරඟාවලියේ දී සිදුවූ අනතුරින් දිවි අහිමි වීම සම්බන්ධව ඔවුන් කණගාටු පළ කරන බවයි Fox Hill Journey නමින් සංවිධානය කර තිබෙන නිල Facebook පිටුවෙහි සඳහන් කර ඇත්තේ.
තොරතුරු මුලාශ්‍ර – Facebook සහ යුද හමුදා මාධ්‍ය ඒකකය
Leave a Reply