කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් තිබෙනවා.
අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව් දෙනෙක් දිවි අහිමිවී ඇති බව සඳහන්.
පොලීසිය පැවසුවේ ඊයේ (07) රාත්‍රී 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර තවත් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ගින්න සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සමත්ව තිබෙනවා.
ඊයේ (07) රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6000ක අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්නක් හටගෙන තිබෙනවා.
පුපුරා නොගිය ලීටර් 6000ක් අඩංගු ගෑස් ටැංකිය නගර සභා සේවකයින් විසින් මහත් වෙහෙසක් දරා වසා දමා ඇති එයින් සිදුවීමට ගිය හානිය තරමක් අවම වූ බවද වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Leave a Reply