Loading...

රතු නිවේදන නිකුත් කළ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් සිව්දෙනෙක් විදෙස් රටවලදී අත්අඩංගුවට

මෙරට අපරාධ සිදු කිරීම පිළිබඳව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 4 දෙනෙක් ජාත්‍යන්තර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඩුබායි සහ තවත් රටවල් 3කදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ආරක්ෂක හේතූන් මත ඔවුන්ගේ නම් හෙළි නොකිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව සඳහන්.

මෙරට අපරාධ පිළිබඳව චෝදනා එල්ල වී විදෙස් රටවලට පළාගොස් සිටින අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුවක් ජාත්‍යන්තර පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *