Loading...

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා මෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපතිවරයෙකු වන ප්‍රදීප් කාරියවසම් මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව සිදුකෙරෙන විශේෂ විමර්ශනයකට අදාළවයි ප්‍රදීප් කාරියවසම් මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අද දිනයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියව ද කිරුළපන පිහිටි ඇගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම සිදුවීමට සෘජුවම සම්බන්ධ විමර්ශන මාලාවේ තවත් එක් පියවරක් ලෙසයි ප්‍රදීප් කාරියවසම් මහතාව මෙලෙස අල්ලස් කොමිසම භාරයට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *