Loading...

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍යවරයාගෙන් පැය කිහිපයක් තිස්සේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසමේ නිලධාරියෙකු සනාථ කළේ.

අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *