හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටව ගොස් තිබෙනවා.
ඒ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබුලින් ආනයනය කළ බවට එල්ලවන චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
එම එන්නත් ආනයනය කිරීම පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය වසරේ පෙබරවාරි මස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මාස 7කට පමණ පසුව ඇප මත මුදා හැරුණා.
Leave a Reply