Loading...

අමෙරිකාවේ නව තීරු බදු ගැන සාකච්ඡා කරන්න විදේශ ඇමති සහ ජුලි චන්ග් හමුවෙයි

අමෙරිකාවේ පැනවූ තීරු බදු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය හමුව තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය සම්බන්ධව අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිනිය සමඟ සාකච්ඡා කර තිබෙනවා.

අදාළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ අමෙරිකාව එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම සම්බන්ධව වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2022 වසරේදී ශ්‍රි ලංකාව පුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටමන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *