Loading...

විදේශ අමාත්‍ය අලි සබ්‍රි සිංගප්පුරුවේ නිල සංචාරයක

සිංගප්පුරුවේ නිල සංචාරයක නිරත වී සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන්ගේ ආරාධනයකට අනුව අදාළ නිල සංචාරය සිදු වන බවයි.

මෙම සංචාරයේ දී අමාත්‍ය අලි සබ්‍රි මහතා දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වනු ඇති.

මේ අතර විදේශ අමාත්‍යවරයා ලබන 09 වනදා සිංගප්පුරුවේදී පැවැත්වෙන රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිෆික් සමුලුව සදහා ද සහභාගී වීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *