පළමු වරට චීනයෙන් ආනයනය කළ ලොකු ළූණු මේ දිනවල පිටකොටුව තොග වෙළෙඳපොලෙන් මිලදී ගැනීමට හැකියාව පවතින බව වාර්තා වනවා.
ආනයනකරුවන් පවසන්නේ මෙම චීන ලොකු ළූණු කිලෝවක තොග මිල රුපියල් 320 ක් පමණ වන බවයි.
ඉන්දියාව හා පාකිස්ථානය ලොකු ළූණු අපනයනය තහනම් කිරීමෙන් හේතුවෙන් මෙරට ආනයනකරුවන් හා තොග වෙළෙදුන් දැඩි අසීරු තත්ත්වයකට පවත්වුණා.
ඊට විසඳුමක් ලෙස ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් චීනයෙන් ලොකු ළූණු ආනයනය කිරීම ආරම්භ කළා.
ඒ අනුව චීන ලොකු ළූණු ඊයේ (01) සිට පිටකොටුව තොග වෙළෙඳපොලේ අලෙවි කිරීම ආරම්භ කර ඇති බවයි එම වෙළෙඳුන් පවසන්නේ.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ආනයන සමඟ උත්සව සමයේ දී ලොකු ළූණු හිඟයක් ඇති නොවන බවත් පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව ලොකු ළූණු මිලඳී ගත හැකි බවත්ය.
Leave a Reply