පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ SJB සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වන බව අද දැනුම් දුන්නා.
සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් ෆොන්සේකා මහතා තම තීරණය දන්වා තියෙනවා. පසුගිය ජුලි 25 වැනිදා සිය ජනාධිපති අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා, ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස බොහෝ දෙනෙක් ඔහුගෙන් කළ ඉල්ලීම පිළිගැනීමට තමන් බලාපොරොත්තුවන බව ප්‍රකාශ කළා.
ඒ තීරණයට අනුව, එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම සඳහා එතුමන් පසුගිය සඳුදා (05 වැනිදා) ඇප මුදල් තැන්පත් කළා.
Leave a Reply