Loading...

ඉන්දියාවේ ගුවන් තොටුපළවලට ලැබෙන ව්‍යාජ බෝම්බ තර්ජන ඉහළ ගිහින්

පසුගිය 14 වනදා වන විට ඉන්දියාවේ ගුවන් තොටුපොළට ව්‍යාජ බෝම්බ තර්ජන 1000කට ආසන්න ගණනක් ලැබී ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ ලෝක් සභාවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා අමාත්‍ය මුරලිදර් මොහොල් මේ බව සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ එය පසුගිය වසරට සාපේක්ෂව 10 ගුණයක වැඩි වීමක් බවයි.

ඒ අනුව මේ සම්බන්ධව පැමිණිලි 256ක් ලැබී තිබූ අතර 12 දෙනෙක් පොලිස් භාරයට ගැනුණා.

මෙම තර්ජන වැඩි ප්‍රමාණයක් නවදිල්ලි සහ මුම්බායි යන ගුවන් තොටුපළවල් වෙත යොමුව තිබූ අතර මේ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීම සිදුවුණා.

එලෙස ප්‍රමාද කිරීමට හෝ ඇතැම් යානා ශ්‍රී ලංකාව, සිංගප්පුරුව ඇතුළු වෙනත් වෙනත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවලට ගොඩ බැස්සවීම සිදු කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *