බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සිද්ධිය පිළිබඳව මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය 04 වනදා පෙරවරුවේ බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කරමින් පවතිනවා.
තවද මෙවැනි සිද්ධීන් ඉදිරියේ දී සිදු නොවීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණය අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වන්නේ සියලුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ වන විටත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවයි.
Leave a Reply