Loading...

,

කාන්තාවන්ට පහරදෙන මහියංගනය පොලිසිය…

පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක වන හේරත් මුදියංසේලාගේ පොඩි කුමාරිහාමි මහත්මිය එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින හතක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කාමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ.

සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට දීම ඇයගේ හිසට අත්මාංචුවලින් පහර දී ඇතැයි ද, ඇයට පයින් පහර දී ඇතැයි ද එම පැමිණිලිවල සඳහන් වේ.පහරදීමෙන් පසු ඇය පොලිසියේ රඳවාගෙන සිටියදී ඇයට වමනය යෑම නිසා වැඩබලන පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයවීමෙන් ඇය වහාම මහියංගනය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ භාරකරු ලෙස පොලිස් කාන්තාවකගේ නමක් ඇතුළත් කර තිබේ. මූලික ප්‍රතිකාරවලින් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය බදුල්ල රෝහලට මාරු කර යවා ඇති අතර ඇය එහි දින 06ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

H. M. පොඩි කුමාරිහාමි මහත්මිය.

රෝහලෙන් පිටවිමනේ පසු ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බදුල්ල කාර්යාලයට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට ගොස් පැමිණිලි කර තිබේ. පොලිස් කොමිෂන් සභාවේ සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඇයට මහියංගනය පොලිසියේ සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුගෙන් සිදුවූ අඩත්තේට්ටම් ගැන මේ වන විට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බවයි. ‍

මෙම පස්දරු මව මහියංගනය ජාතික පාසල අසල අක්කර පහක ඉඩමක ජීවත වී ඇති අතර 1989 වසරේ දී ආණ්ඩුවේ ව්‍යාපෘතියක් සඳහා ඇගේ ඉඩම පැවරා ගැනීමෙන් පසු ඇයට වෙනත් ස්ථානයක ඉඩමක් රජයෙන් ලබාදී තිබේ. ඇය ඒම වසරේ සිට නිවසේ වත්ත මායිමේ වැලිගොඩ දැමීම කර තිබෙන අතර 2006 ජූලි 25 වැනිදා මහියංගනය පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයකු ප්‍රමුඛ පොලිසියේ කිහිප දෙනකු එම ඉඩම මිලදී ගැනීම සඳහා කාන්තාවගෙන් ඉල්ලීම් කර ඇතත් ඇය ඊට අකමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ් අනුව පොලිස් නිලධාරීන් පැමිණ තර්ජනය කළ අවස්ථාවක ඇය නිලධාරියකුට ඉදලකින් පහරදී ඇති අතර ඒ් අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. පසුව එම සිද්ධියට සම්බන්ධ නිලධාරියා ස්ථානමාරු කර ඇතැයි වාර්තාවේ.

නැවත 2014 වසරේ එම නිලධාරියා පොලිසියට පැමිණ ඇති බවත්, ඔහු ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු තම ඉඩම මැදිහන් ගොස් තමන්ගේ වැලිතොටුපොලින් වැඩි ගොඩ දැමීම සිදු කර ඇති බවත්, දිගින් දිගටම එය සිදු කරද්දී පොලිසියට පැමිණීමට නොහැකි ලෙස ඇය වැලිතොටුපලට යන පාර වසා දැමූ බවත් ඇය විසින් කරන ලද පැමිණිලිවල සඳහන් වේ. එතැන් සිට මේ දක්වා ඇයට එරෙහිව පොලිසිය නඩු 38ක් පවරා ඇති බවත්, ඒ අතර මත්ද්‍රව්‍ය නඩු දෙකක් වන බවත්, එක් මත්ද්‍රව්‍ය නඩුවකින් නිදහස් වූ බවත්, මේ වන තෙක් පොලිසිය පැවරූ කිසිම නඩුවකට තමා වැරදිකරුවකු වී නැති බවත්, පොලිසිය තමාට සහ පවුලේ අයට හිරිහැර කරන්නේ සහ ව්‍යාජ නඩු පවරන්නේ 2014 දී පොලිසියට එරෙහිව පැමිණිලි කිරීමෙන් පසුව බවත් පොඩිකුමාරිහාමි මහත්මිය කළ පැමිණිලිවල සඳහන්වේ.

මේ සියල්ලට එරෙහිව පොඩිකුමාරිහාමි මහත්මිය,

  • ජාතික පොලිස් කොමිසමට
  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට,
  • ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට සහ
  • පොලිස් මූලස්ථානයට ද පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳව මාධ්‍යයවේදී තරිඳු ජයවර්ධන සිදුකල සවිස්තර වීඩියෝව පහතින්…


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *