වසර 111ක සුරාබදු දෙපාර්තමේන්තු ඉතිහාසයේ එක් දිනක ඉපැයූ වැඩිම සුරාබදු ආදායම පසුගියදා වාර්තා වී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය අප්‍රේල් 03 වනදා මෙම ආදායම වාර්තා වූ බවයි.
මෙහිදී සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 139ක මුදලක් අයකර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.
මේ අතර 2024 මුල් මාස තුනදී සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක මුදලක් උපයා ගෙන ඇති බව වාර්තා වනවා.
එය පසුගිය වසරේ මුල් මාස තුන හා සසඳ බැලීමේ දී 26.4%ක වැඩි වීමක් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Leave a Reply