අලුත් ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වන ලෙස සියළු දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම මාධ්‍ය හමුවට පසුගියදා තනතුරුවලින් ඉවත් කළ ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ද එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා,
“හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ විනාශය බලාගෙන ඉන්න බැරුව අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වුණා. ඒ අනුව පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් පැනවුණා.”
Leave a Reply