Loading...

පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අවධානය

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින පිළිබඳව සාකච්ඡා වී අතර එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ මැතිවරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් තීරණය වී නොමැති අතර ඉදිරි දිනවල දී යළි කොමිෂන් සභාව රැස්වී අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරන නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බැවින් මේ සඳහා කොමිෂන් සභාව සුදානමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *