මැතිවරණ කොමිෂන් සභාව මෙම සතියේ දී නැවත රැස්වීමට නියමිතව තිබෙනවා.
මේ අනුව ලබන බ්‍රහස්පතින්දා උදෑසන 10ට මැතිවරණ කොමිසම රැස්වනු ඇති.
මහ මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව මෙය වනවා.
මෙහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පසුගියදා මහනුවරදී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට කටයුතු කරන බවයි.
තවද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබාදීම හේතුවෙන් මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ ද අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීමට මේ දක්වා මුදල් වෙන්කර නොමැති අතර මේ සම්බන්ධව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්.
ඒ අනුව මේ සඳහා මුදල් වෙන්කිරීම ආණ්ඩුව විසින් දෙසැම්බර් මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුම මඟින් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Leave a Reply