Loading...

ජනපති කළ ප්‍රකාශයක් ගැන සාකච්ඡාවකට මැතිවරණ කොමිසම රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව ලබන 21 වනදා රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්නාරම ප්‍රදේශයේ සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශන කිරීම සඳහායි.

මැතිවරණ කොමිසම සභාව පැවසුවේ ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක මන්නාරම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වෙත විශේෂයක් සේ සලකා මුදල් වෙන් කිරීමක් පිළිබඳව සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවයි.

මේ අනුව පැමිණිලි විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාව ලබන 21 වනදා රැස්වීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *