දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය කියා සිටියේ උතුරුමැද, මහනුවර සහ වයඹ යන ප්‍රදේශ තුළ අද (24) දින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවයි.
අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව සඳහන්.
Leave a Reply