Loading...

රනිල්ට සහය දීම ගැන සාකච්ඡාවකදී බැසිල්ට යකා නැගලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මැතිවරණය ව්‍යාපාරයට රාජපක්ෂවරුන්ගේ පාර්ශවය එක්කර ගැනීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ පාර්ශවය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක පාර්ශවයේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔවුන් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරයා වෙත සහය ලබාදීම සම්බන්ධව සෘජුවම දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්දානන්ද අලු‍ත්ගමගේ, වජිර අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිට ඇති බව සඳහන්.

මෙහිදී ජනාධිපතිවරයාගේ පාර්ශව එකට එක්වී ජනාධිපතිවරයාට සහය ලබා දෙන්නේ ද නැතිනම් තනි තනිව සහය දෙනවාද යන ගැටලුව මතුව තිබුණා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා නිමල් ලන්සා පාර්ශවය සහභාගී නොවී ඇති බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාවට එක්වූ දුමින්ද දිසානායක මහතාගේ පාර්ශවය පෙන්වා දී ඇත්තේ රාජපක්ෂවරුන් ඡන්ද ව්‍යාපාරයට එක්කර ගැනීමට විරුද්ධ වන බවයි.

2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනතා විමුක්ති පෙරමුණ සහය දුන් ආකාරයෙන් පිටත සිට සහය ලබාදීම තම පාර්ශවයට ප්‍රශ්ණයක් නොවන බව සාකච්ඡාවේ දී ඊට එක්වූ පාර්ශවය බැසිල් රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය නසිල් රාජපක්ෂ මහතා දැඩි ආවේගයෙන් අදහස් දක්වා ඇති බව වාර්තා වනවා.

අනතුරුව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ඒ පිළිබඳව සාකච්ඡා කර අදාළ තීරණය දැනුම් දෙන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *