සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ පැවැති අවසන් තරඟයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (30) සමත් වුණා.
පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 137ක් රැස් කරගනු ලැබුවා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Shubman Gill ලකුණු 39ක්ද, Riyan Parag ලකුණු 26ක්ද, Washington Sundar ලකුණු 25ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Maheesh Theekshana කඩුළු 03ක්ද, Wanindu Hasaranga කඩුළු 02 ක්ද බිඳ හෙලුවා.
ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් ලබා ගැනීම හේතුවෙන් තරඟයේ ප්‍රතිඵලය තරඟය සුපිරි පන්දුවාරයක් සඳහා යොමු කිරීමට සිදුවුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 26ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්ද, කුසල් පෙරේරා ලකුණු 46ක්ද රැස්කළා.
කෙසේ වෙතත් මෙම තරඟයේ දී ද සුපුරුදු පරිදි ශ්‍රී ලංකා මැදපෙළ නැවත වරක් අසාර්ථක වීම දක්නට ලැබුණා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ravi Bishnoi, Rinku Singh, Washington Sundar සහ Suryakumar Yadav කඩුළු 02 බැගින් දවා ගනු ලැබුවා.
අනතුරුව ක්‍රියාත්මක වූ සුපිරි පන්දුවාරයේ දී පළමුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී යාම හේතුවෙන් පන්දුවාර පන්දු 3කට පමණක් සීමා වූ අතර ලකුණු 2ක් පමණක් රැස් කර ගැනීමට සමත් වුණා.
ලකුණු 3ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ සුපිරි පන්දුවාරයේ එක් පන්දුවක් පමණක් වැය කරමින් ලකුණු 4ක් ලබා ගනිමින් තරඟය ජය ගනු ලැබුවා.
මෙම තරඟ ජයග්‍රහණය සමඟ ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරඟාවලිය පුර්ණ ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් වුණා.
Leave a Reply