Loading...

අභ්‍යන්තර ගැටුම් නිසා චීනයේ රාජ්‍ය පාලනය දැඩි අර්බුදයක

චීනයේ අභ්‍යන්තර රාජ්‍ය පාලනය දැඩි අර්බුධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ විවිධ සමාජ කොටස් හරහා රජයට එල්ල වන විරෝධතා ඉහළ ගොස් ඇති බවයි.

මේ වන විට කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව ජනතාවගේ හඬ නැගීම් ඉහළ ගොස් තිබෙනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව ජනතාවගේ හඬ නැගීම් ඉහළ ගොස් ඇති බවයි.

ඊට අමතරව ආණ්ඩුවේ අකාර්යක්ෂම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද ඔවුන්ගේ විරෝධය ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෙසේ නමුත් මහජන විරෝධතා සඳහා චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිචාරය ද ඉතා දැඩි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන් ඕනෑම ආකාරයක විරෝධතාවක් සාර්ථකව මැඩ පවත්වමින් මර්ධනකාරී වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක කරමින් සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව සහ පාලක පක්ෂය අතර මතගැටුම් උත්සන්න වී තිබෙනවා.

මේ වන විට චීනයේ නගර කිහිපයක පොලීසිය සහ සිවිල් වැසියන් අතර ගැටුම් හටගෙන ඇති බව සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත චීනය තුළ දේශපාලන තත්ත්වය ඉතා අස්ථාවර සහ ගැටුම්වලින් පිරී ඇති බවත් ඊට ජාත්‍යන්තර ප්‍රජාවගේ සමීප අවධානයක් ඒ සදහා අවශ්‍ය බවත්ය.

චීනයේ ආරක්ෂක අංශ සහ ජනතාව අතර පවතින් ගැටුම්කාරී සිදුවීම් චීනය පුරා නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ දෙකටම භයානක ලෙස පැතිරී ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස ගැටුම් ඇති වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එරට මුල්‍ය අංශයේ පවතින බිඳවැටීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පොලීසිය සහ සිවිල් වැසියන් අතර පවතින මත ගැටුම් ඉහළ ගොස් තිබෙනවා.

තවද රටතුළ පවතින ඇතැම් ගැටළු විසඳීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලට රජයේ මැදිහත්වීමට ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *