Loading...

ඉරානයෙන් ඊශ්‍රාලයට ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාරයක්

ඉරානය විසින් ඊශ්‍රාලයට ඩ්‍රෝන යානා සහ මිසයිල දියත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය ප්‍රබල ප්‍රහාරයක් බවයි.

ඩ්‍රෝන යානා 100කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බවයි ඊශ්‍රායල හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පසුගිය අප්‍රේල් මස 1 වනදා සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වනවා.

එම ප්‍රහාරයෙන් ඉරාන කොන්සල් කාර්යාලයේ සිටි පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර හමුදා ප්‍රධානීන් 05 දෙනෙක් ද ඒ අතර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයට පිළිගැනීමක් වශයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන නායකයා ප්‍රකාශ කර තිබූ අතර ඊයේ (13) රාත්‍රී එම ප්‍රහාරය දියත් කර තිබෙනවා.

එහිදී බැලැස්ටික් මිසයිල ප්‍රහාර ද එල්ල වී ඇති බවද වාර්තා වනවා.

ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම සමඟ මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් ද නතර කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *