Loading...

දේශපාලන අනුහසින් ඩිපෝවල නුසුදුසු ඉහළ තනතුරුවලට ගිය රියදුරු සහ කොන්දොස්තරලා නැවත බස් රථ ධාවනයට

අනුචිත ලෙස සැලකෙන සේවාවල නිරත කොන්දොස්තර සහ රියදුරු තනතුරුවල සිටින පුද්ගලයින් නැවත බස් රථ ධාවනයට එක් කරන කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේ දී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ලංගම සතු 7137ක බස් රථ ඇනියෙන් බස් රථ 1955ක් ධාවනයෙන් ඉවත් කර ඇති බවත් සමහර අවස්ථාවල බස් රථ ධාවනයට අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් නොමැති වීමෙන් බස් රථ ධාවනයට බාධාවක් සේ පෙනී ගොස් ඇති බවත් ඔහු මෙහිදී පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ධාවන තත්ත්වයේ පවතින්නේ බස් රථ 5181ක් පමණක් බව පැහැදිලි කළ අමාත්‍යවරයා ධාවනයෙන් ඉවත් කර ඇති බස් රථ 1955න් බස් රථ 200ක් කඩිනමින් අලුත්වැඩියා කර අවුරුදු සමය තුළ සේවයේ යෙදවීමට කටයුතු කරන බවයි.

”ලංගම කියන ආයතනය කළමනාකාරිත්වය සහ පරිපාලනය අති විශාල මට්ටමකට විනාශ කරලා තිබෙන්නේ. අප දැනට මේ බස් රථවලින් ඉක්මනින් හදාගන්න පුලුවන් බස් රථ 200ක් අවුරුදු කාලය තුළ ප්‍රතිසංස්කරණය කරලා ඉදිරිපත් කරලා තියනවා. ඔබතුමා කියන විදිහටම ලංගම පාඩුයි. ඒ හොරකම් කරන නිසා වැඩිපුර. පත්කරලා තියෙන්නේ දේශපාලන බලපෑම් මත. කරන්න පුලුවන් ටිකක් කරන් යනවා. බස් රථ අලුත් වැඩියා කරන් යනවා. සමහර තැන්වල බස් රථ තියනවා. අවශ්‍ය කොන්දොස්තරවරු සහ රියදුරුවරු නෑ.

දැනට කොනාදොස්තරලා සහ රියදුරන් 1000කට අධික ප්‍රමාණයක් ඉන්නවා විවිධ මට්ටමේ මූල්‍යමය වංචා කරපු. ඔවුන්ගේ වැඩ නතර කරලා තිබුණා. විනය පරීක්ෂණ යන අයටත්සෛ්වයට කැඳවා තියනවා. ඒ වගේම අනුචිත යැයි සැලකෙන සේවාවල නිරත පිරිසක් හිටියා. තවමත් ඉන්නවා. කොන්දොස්තර රියදුරු තනතුරුවල ඉන්නේ. ඩිපෝවල විශාල වගකීම් දක්වා උසස් කරලා තියනවා. පහුගිය අවුරුදු 5 ගත්තු කට්ටිය නිදහස් කරලා නැවත බස් වලට ලබා දීලා තියනවා.

අපි බලාපොරොත්තු වෙනවා අලුත් ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කරලා මේවයේ කාර්මික අංශ වැඩි දියුණු කරන්න.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *