Loading...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැනවූ තීරු බද්ද තාවකාලිකව ඩොනල්ඩ් ට්‍රම්ප් අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ චීනයට එරෙහි 125%ක තීරු බද්දේ කිසිඳු වෙනසක් සිදුව නොමැති බවයි.

ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබුණා.

ඊට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය ඊයේ (09) පස්වරුවේ නිවේදනය කළේ අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි.

මේ අනුව චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස අමෙරිකාව යළිත් වරක් මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *