Loading...

රට පුරා වෛද්‍යවරු අද වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද (12) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (11) දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියකට ලිංගික වද හිංසාවට ලක්වීමේ සිද්ධියට විරෝධතාවට පළකරමින්.

මේ අනුව අද (12) උදෑසන 08 සිට ආරම්භ වන පරිදි එක්දින සංකේත වැඩ වර්ජනයක් ඔවුන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම වැඩ වර්ජනය අද (12) උදෑසන 8 සිට හෙට (13) උදෑසන 8 දක්වා ක්‍රියාත්මක වනු ඇති.

වර්ජනය සිදු කලද හදිසි ප්‍රතිකාර සේවා කිසිලෙසකින් හෝ අඩාල නොවන පරිදි අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද එම සංගමය සඳහන් කළා.

තවද මෙම වැඩ වර්ජනය ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ ත්‍රිවිධ හමුදා රෝහල්ව‍ල ක්‍රියාත්මක නොකිරීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *