Loading...

මෙරට දික්කසාද වීම් ඉහළට

මෑත කාලයේ විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි ලෙස පෙන්නුම් කරන බවයි.

දිසා අධිකරණය මඟින් ලබාදුන් දික්කසාදය නඩු තීන්දු සලකා බැලීමේ දී මෑත කාලයේ විවාහ වන පිරිස වසර තුනක වැනි කෙටි කාලයක් තුළ දික්කසාදය වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතීඥ ලක්ෂිකා ගනේපොල මහත්මිය ප්‍රකාශ කළේ.

මෙහිදී ද්වේශ සහගත අත්හැර යාම් දික්කසාද වීම්වලට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *