දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පිලිපැනීමකට ලක්වීමෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ල වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා කියා සිටියේ අද (13) උදෑසන කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ධාවන වූ දුම්රියක් මෙලෙස පිළී පැනීමකට ලක්ව ඇති බවයි.
මෙම දුම්රිය යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඇති පාලම මතදී පිළී පැනීමට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් මඟීන් දුම්රියවලට මාරුකර දුම්රිය ධාවනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply