Loading...

ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම නුදුරේදීම

ඩිජිටල් හැඳුනුම්පත මේ මස සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අනුව අලුත් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී කියා සිටියා.

දැනට හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල පරක්කුවක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුලින් හැකියාවක් පවතිනු ඇති.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නනේ ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රු බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබාගැනීමට තීරණය කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *