Loading...

ඩයනා අධිකරණයට යයි

තමා සමඟි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බලරහිත කරන තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබුණු පෙත්සම මැයි මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (10) ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ දී කැඳවනු ලැබුවා.

එහිදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සම සම්බන්ධව ගනු ලබන තීරණය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

මේ අනුව අදාළ පෙත්සම මැයි මස 28 වනදා කැඳවීමට නියමිතයි.

එදිනට මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් ලෙසද විනිසුරු මඩුල්ල මෙහිදී නියම කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *