පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා නම් කිරීමට නියමිත බව වාර්තා කරනවා.
එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ බව ලබන 7 වනදා නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බවයි.
ජනාධිපති අපේක්ෂයා පිළිබඳව පොදුජන පෙරමුණේ සාකච්ඡා වට කිහිපයක් කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අදාළ සාකච්ඡාවලින් අනතුරුව අපේක්ෂකයා තෝරා ගැනීමට නියමිතව ඇති.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මීට පෙර ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද එය නොවැළැක්විය හැකි කරුණු කිහිපයක් හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා.
Leave a Reply