රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී අද (10) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට පත්වුණා.
කෙසේ නමුත් ඒ මහතා දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි අතර ඒ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණා.
අනතුරුව ඔහු මාර්තු 19 වනදා මෝසමක් මඟින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.
ඉන්පසුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තෙන්නකෝන් මහතා අවසන් වරට මේ මස පසුගිය 3 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.
මේ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අද (10) දින රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබෙනවා.
Leave a Reply