Loading...

ඉදිරි දින තුන තුළදී අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කරයි

මෙරට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගය දින තුනකට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

විභාග කොමසාරිස් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ හෙට (27) 28 සහ 29 යන තෙදින අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි.

විභාග දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

“ඒ දින 3ට නියමිත විභාගය දෙසැම්බර් 21,22,23 කියන දිනවල අපි පවත්වන්නට කටයුතු කරනවා. එහි කාලසටහන ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා.”

“සෙනසුරාදා දින සිට නැවත විභාගය නියමිත පරිදි පැවැත්වෙනවා. එහිදී විභාග අපේක්ෂකයින්ගේ නියමිත විභාග කාලසටහන අනුවම විභාගය පැවැත්වෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *