ශ්‍රී ලංකාව ද්වි පාර්ශවික නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට මීට සුළු මොහොතකට පෙර එළැඹ තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ප්‍රංශයේ පැරිස් නුවරදී මෙම ගිවිසුම අත්සන් තබා ඇති බවයි.
මෙහිදී අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට එළැඹ ඇති බවද වාර්තා වනවා.
මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායි ණය සහනයක් මෙමඟින් ලබාදෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.
Leave a Reply