භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ මියගිය සංඛ්‍යාව මේ වන විට 1644ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 3,408 ක පිරිසක් තුවාල ලබා තවත් 139 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.
මේ අතර භූ කම්පනය පසුව මියන්මාරයේ ඉන්ධන හිඟයක් ද මතුව ඇතිව අතර ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් මතුව බවද වාර්තා වනවා.
මියන්මාරය, තායිලන්තය සහ චීනයේ ප්‍රදේශ ගණනාවකට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් අවතැන්වුවන් අවතැන් වුවන්ට සහන සැලසීම සඳහා විදෙස් රටවල් කිහිපයකින්ම තවදුරටත් සහන කණ්ඩායම් යොමු කර තිබෙනවා.
මධ්‍යම මියන්මාරයේ සගායිං නගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක 7.7ක භූකම්පනයක් පසුගිය 28 වනදා සිදුවුණා.
ඉන් අනතුරුව පරිමාණයේ ඒකක 6.4ක දෙවැනි කම්පනයක් වාර්තා වූණා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ තවත් පසුකම්පන 20ක පමණක් ද වාර්තා වුණා.








Leave a Reply