තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැද්ද? යන නියෝගය අප්‍රේල් මස 28 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියම කළා.
අභියාචනාධිකරණය මෙම නියෝගය නීකුත් කළේ ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
කැලණිය ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ඔප්පු සකසා විකිණීමේ සිද්ධියකට අදාළව තමන්ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
Leave a Reply