ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට රජය වගකිව යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඩෑන් ප්‍රියාසාද් පාතාලයේ කල්ලි සාමාජිකයෙක් නොවන බවද ඔහු පවසනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ ඔහු මිනීමරුවකු හෝ කුඩු ජාවාරම් කාරයකු නොවන බවත් සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි වීරෝධාර තරුණයෙකු බවත්ය.
මියගිය පුද්ගලයා අප්‍රේල් පළමු වනදා මෝඩයාගේ දිනය ද පාර්ලිමේන්තුව ඉදිරියේ කේක් එකක් කපා ආණ්ඩුවට යම් සරදමක් සිදුකර තිබුණු අතර ඒ සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැඳවා තිබුණු බවත් ඒ මහතා සඳහන් කරනවා.
ඔහු චෝදනා කරන්නේ රටපුරා සිදුවන පාතාල කණ්ඩායම් හා සම්බන්ධ ඝාතන ගොඩට ඩෑන්ගේ ඝාතනයත් එකතු කිරීමට රජය කටයුතු කරන බවයි.
ඩෑන් ප්‍රියසාද්ට අද සිදු වු දේ හෙට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද විය හැකි බවට නීතිඥ මනෝජ් ගමගේ අනතුරු ඇඟවීමක් සිදු කරනු ලබනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආණ්ඩුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරමින් ඊට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවයි.








Leave a Reply