Loading...

රේගුවේ පරිප්පු හොර පාරෙන් ගිහින් විකුණලා

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් 5ක් එංගලන්තයේ පාතාල නායකයෙකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් තවත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයට විකුණා ඇති බව වාර්තා වනවා.

අදාළ පරිප්පු තොගයේ තක්සේරු වටිනාකම ලෙස සඳහන්ව ඇත්තේ රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයක් ලෙසයි.

මෙම ගණුදෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති බවත් ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එක් කන්ටේනරයක පරිප්පු කිලෝ 23000ක් තිබී ඇති අතර මෙම කණ්ඩායම රාජ සන්තක කෙරුණු තලපත් බහාලුමක් ලබාගෙන තලපත් බහාලුමක් ලබාගෙන තලපත් කිලෝ 400 බැඟින් විකුණා ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ටයිල් කන්ටේනර් 15ක් පාතාලේ මැදිහත්වීමෙන් විකිණීමට සුදානම් දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මැදිහත්වී එම කටයුත්ත වහාම නතර කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *