Loading...

හිරුනිකාගේ ඇප ඉල්ලීම ගැන අධිකරණය ගත් තීරණය

බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින මෙන් කර ඇති ඉල්ලීමට අදාළව විරෝධතා ගොනුකර බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවා.

මෙම ඇප ඉල්ලීම අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා සලකනු ලැබුවා.

මෙහිදී රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවයි.

තවද එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙසද ඔවුන් නඩුව කැඳවූ අවස්ථාවේදී ඉල්ලා තිබෙනවා.

මේ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *