Loading...

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අඛණ්ඩ සහය ලබා දෙනවා – චීනය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අඛණ්ඩ සහයෝගය දෙන බවට චීනය නැවත සහතික වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමත්‍ය කාර්යාලය පවසන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මෙරට චීන තානාපති චී ෂෙන්හොන්ග් අතර ඊයේ (02) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු සාකච්ඡාවකදී මෙම සහතිකය ලබාදුන් බවයි.

පවතින දුෂ්කරතා මඟ හරවා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම සම්බන්ධව චීන තානාපතිවරයා විසින් මෙම හමුවේදී පැසසුමට ලක්කර ඇති බවද වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළුවට දිගු කාලීන විසඳුම් ලෙස කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ, බලශක්ති වැනි ක්‍ෂේත්‍රවල ඍජු පෞද්ගලික ආයෝජනය කිරීමට චීනයට ඇරයුම් කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *