Loading...

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ ලක්ෂ 2ක් පාරිභෝගික අධිකාරිය සොයා ගනී

අනුරාධපුර – කහටගස්දිගිලිය කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී මිනිස් පරිභෝජනය නුසුදුසු සහල් කිලෝ ලක්ෂ දෙකක් ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථ 8ක් පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අධිකාරිය කියා සිටියේ ලෝක ආහාර වැඩසටහන යටතේ මහජනතාවට බෙදා දීමට අමෙරිකාව විසින් ලබාදුන් ආධාර සහල් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අදාළ සහල් ලොරි 8 ඊයේ (12) අළුයම කහටගස්දිගිලිය ප්‍රදේශයේ සහල් මෝලක් වෙත රැගෙන යමින් සිටි අවස්ථාවේදීයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව සඳහන්.

එම සහල් තොගය පසුගිය අප්‍රේල් මසදී කල් ඉකුත් වී නියමිතව තිබුණ ද කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර නව ඇසුරුම්වල බහා යළිත් ජනතාව වෙත ලබාදීමට සකස් කිරීම සඳහා මෙම සහල් මෝල වෙත රැගෙන විත් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම සහල් රැගෙන ආ ලොරි රථ 8 මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *