Loading...

අතරමඟ නැවතුණු රජයේ නිවාස ව්‍යාපෘති 12ක ඉදිකිරීම් නැවත අරඹයි

අතරමඟ නැවතී තිබෙන රජයේ නිවාස ව්‍යාපෘති 12ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය සහ නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු කිහිපයක නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹ ඇති බවයි.

පැවැති ආර්ථික අර්බුදය හා නුසුදුසු කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් භාරදීම හේතුවෙන් මෙම ව්‍යාපෘති අතරමඟ නතර වී තිබුණා.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘතියක් 6ක් සහ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යපෘති 6ක් මේ අතරට අයත් වනවා.

මෙම ව්‍යාපෘති යටතේ නිවාස 4000ක් පමණ ඉදිකිරීමට යෝජිතව තිබෙනවා.

ගැටලු පවතින කොන්ත්‍රාත්කරුවන් වෙනුවට නව කොන්ත්‍රාත්කරුවන් යොදා ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කරන බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *