කූට ලේඛන සකසා තමාට අයිති MGM Network සමාගමේ හිමිකාරීත්වය ලබා ගනිමින් ලයිකා මොබයිල් අනුබද්ධිත බෙන් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම විසින් ඉදිරියේදී ලංකාවටම විශාල තර්ජනයක් ඇති විය හැකි ක්‍රියාවක් සිදු කර ඇති බව පවසමින් MGM Network හිමිකරු ජනක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය 03 වනදා ඔහු මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
එම පැමිණිල්ල භාර දීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා, “අප සමාගමට අයිති UHF-30 කොළඹ සහ UHF-56 හන්තාන යන සංඛ්‍යාත භාවිතා කරමින් අලුත් නාලිකාවක් අරඹා තියෙනවා. වසර හතක් පුරාවටම තමන් මේ සම්බන්ධයෙන් සටන් කරන අතර ආරක්ෂක අමාත්‍යාංශය හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා මේ වෙනකොටත්.”
තමා හෝ තම පවුලේ කිසිවෙකු Max Television හෝ Max Radio ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් අතට පත් කිරීමට කිසිඳු ලෙසකින් කටයුතු කර නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියා.
මොහොමඩ් අක්රම් නැමැත්තා තම මස්සිනා වන රුවන් එදිරිසිංහ, සිය පියා ජී. ටී ජයසිලන් හා නිරුතන් රාජසුන්දරම් නැමැති පුද්ගලයින් විසින් ද රවටා මෙම ගණුදෙනුව සිදු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.
මෙය සම්පුර්ණයෙන්ම වංචා සහගත කටයුතුක් බවත් වසර තුනක කාලයක් යන තුරු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජී.ටී. ජයසිලන්ට හා නිරුතන් රාජසුන්දරම් යන පුද්ගලයින්ට නිෂ්කාශ බලපත්‍ර ද නොතිබූ බවද ඒ මහතා සිය පැමිණිල්ලේ පෙන්වා දී තිබෙනවා.
ජනක රාමනායක මහතා 2007 වසරේ මුල් භාගයේ දී ආරම්භ කළ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් හට නැවුම් අත්දැකීම් දායාද කළ Max Tv සහ Max Radio හි කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ද වනවා.
Leave a Reply