Loading...

වංචා දුෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙනවා – ජනාධිපති

තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අනුව වංචා දුෂණය මැඩ පැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම් වැඩසටහනට එක්වෙමින්.

ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම වැඩසටහන අද (12) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

බලය හොබවන පුද්ගලයින් සිය වගකීම හා යුතුකම නිසි ලෙස ඉටු නොකරනවා නම් නීති තිබීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවද මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියා.

“නඩු ඉල්ලා අස්කරගන්නවා නම් අපි පැහැදිලි කළ යුතුයි. ඇයි අපි ඉල්ලා අස්කරගන්නේ කියලා. ලිපිගොනු හත, අට ලාච්චු අස්සේ හිරවෙනවා නම් අපි ජනතාවට පැහැදිලි කළයුතු නැද්ද ඇයි හිර වෙන්නේ කියලා. ඒ නිසා මම කියන්නේ අපේ මේ මුළු දේහය පද්ධතියක් ලෙස කඩා වැටිලා තියෙන්නේ.

යළි අපේ රට ගොඩනගනවා නම් මේ සමස්ත පද්ධතියම ප්‍රතිස්ථාපනයට ලක්කළ යුතුයි. එහෙම නැතුව කුඩා නීතිමය ප්‍රශ්නයකින්, කුඩා ආයතයක් ප්‍රතිව්‍යුහගතකිරීමෙන් පමණක් මේ කාර්යය සම්පූර්ණ කරගන්න බැහැ. ඒකට මගේ අවුරුදු 05 ගත කරන්න පුළුවන්. නීති දෙකක් හදලා දීලා.

ආයතනය ව්‍යුහයක් ප්‍රතිව්‍යුහගතකරලා දීලා මට අවුරුදු 05න් බැහැලා යන්න පුළුවන්. හැබැයි වෙනස් කරනවානම් මේ සමස්තය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් තොරව මේ ජයග්‍රහණ අත්පත්කරගන්න බැහැ. මම හිතනවා පෞද්ගලිකව මා උත්සාහ කරනවා මේ සමස්ත පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කරලා මේ රාජ්‍යය සුවපත් රාජ්‍යයක් බවට පත් කරන්න. එක තමයි මගේ අපේක්ෂාව.

එක අවුරුද්දක අල්ලස් කොමිසමෙන් දඬුවම් ලබාදීලා තිබුණේ PC මහත්වරු දෙන්නෙකුයි, එක ග්‍රාමසේවක මහත්තයෙකුටයි, SI මහත්තයෙකුටයි, ලිපිකරුවෙකුටයි. මගේ මතකෙන් මම කිව්වේ තව දෙන්නෙක් වගේ හිටියා. ඒ කියන්නේ මේ නීතිය ක්‍රියාත්මක වී තිබෙන්නේ මකුළු දැලක් වගේ පොඩි සත්තු පැටලෙනවා.

ලොකු සත්තු මකුළු දැල බිඳගෙන යනවා. එහෙම නීතියක් තිබෙන බව, එහෙම නීතිය ක්‍රියාත්මක වෙන බව මේ රටේ පුරවැසියන් දන්නවා. හැබැයි අපි කවුරුත් දන්නවා නීතිය ක්‍රියාත්ම වෙනවා වගේම නීතිය සාධාරණව ඉටුවෙනවා කියලා ජනතාවගේ විශ්වාසයක් ගොඩ නැඟිය යුතුයි. මම කියන්නේ අද ජනතාව තුළ එහෙම විශ්වාසයක් නැහැ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *